Sunday, March 11, 2012

රියදුරු බලපත්‍රය ලබාගැනීම


නව ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා උපදෙස්.මෙම රියදුරු බලපත්‍රය ක්‍රම දෙකකට නිකුත්කෙරේ.

පළමු ක්‍රමය - වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කර්යාලයේදී හා කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේදී මාර්ගගත (ONLINE) ක්‍රමය
දෙවන ක්‍රමය - අනෙකුත් දිස්ත්‍රික් කාර්යාල වලදී මාර්ග අපගත (OFFLINE) ක්‍රමය
පොදු අවශ්‍යතා

අඳුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.
ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබා ගැනීමේදී ජායාරෑප රැගෙන එම අවශ්‍ය නොවන අතර පරිඝණක ක්‍රියාවලියේදී අදාල ජායාරෑප ලබා ගනු ලැබේ.මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ජායාරෑප දෙකක් අවශ්‍ය වේ.
ප්‍රථම වරට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කල යුතුය.
1 සැහැල්ලු වාහන සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම

වයස අවු:17 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකිය.
ලිඛිත පරිෂණයයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැක.
ප්‍රයෝගික පරීක්ෂණයට පෙනී සිටීමට වයස අවු:18 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය‍වරයෙකුගෙන් එම්.ටී.ඒ. 31 ඒ ආකෘතියේ මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
2 බර වාහන සඳහා රියදුරු බලපත්‍රය දීර්ඝ කරගැනීම

අයදුම් කරන දිනට ‍අවම වශයෙන් වසර 2 කට ප්‍රථම සැහැල්ලු වාහන (B සහ B1 වාහන පන්ති පමණි) බලපත්‍රයක් දරන්නෙකු විය යුතුය.
සැහැල්ලු මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩයක් ලබාගැනිම සඳහා අවම වශයෙන් උස අඩි 4 අඟල් 10 විය යුතුය.මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩය ලබාගැනීම සඳහා අවම උස අඩි 5 ක් තිබිය යුතුය.
වයස අවු:20 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැක.
ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 ක් දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැකිය.
ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වීමට වයස අවු : 21 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.

රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් අතුලත් කර ගැනීම

දැනට අයදුම්කරු සතු රියදුරු බලපත්‍රය
අමතර සැහැල්ලු වාහන පන්තියක් ඇතුලත් කර ගැනීමේදී ලිඛිත පරීක්ෂණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වන අතර සැහැල්ලු වාහන බලපත්‍රයක් දරන්නෙකු බර වාහන පන්තිවක් ඇතුලත් කරගැනීමේදී ලිඛිත පරීක්ෂනයට ඉදිරිපත් විය යුතුය.
අමතර සැහැල්ලු වාහන පන්තියක් ඇතුලත් කර ගැනීමේදී ඉහත අංක 01 ‍කොටසේ දැක්වෙන අවශ්‍යතා ද බර වාහන පන්තියක් ඇතුලත් කරගැනීමේදී අංක 02 කොටසේ දැක්වෙන අවශ්‍යතාද ඉ‍ටුකල යුතුය.
පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 03 ගතවිය යුතු අතර ප්‍රයෝගික පරීක්ෂණයෙන් සමත් විය යුතුය.

ගාස්තු හා අයභාර
සේවාව
නව රියදුරු බලපත්‍රය - එක් වාහන පන්තියක් 1700.00
නව රියදුරු බලපත්‍රය - වහන පන්ති 02 ක් 2000.00
නව රියදුරු බලපත්‍රය - වාහන පන්ති 03 ක් හෝ ඊට වැඩි 2250.00
ලිඛිත විභාගය නැවත ඉල්ලුම් කිරීම 250.00
ප්‍රයෝගික පරීක්ෂණය නැවත ඉල්ලුම් කිරීම 500.00
රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කිරීම ප්‍රමාද කිරීම 1 වසරක් සඳහා දඩය 250.00
රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් අළුතින් ඇතුලත් කිරීම 1700.00
රියදුරු බලපත්‍රයට නව වාහන පන්ති 02 ක් ඇතුලත් කිරීම 2000.00
රියදුරු බලපත්‍රයට නව වාහන පන්ති 02 ක් ඇතුලත් කිරීම 2250.00
රියදුරු බලපත්‍රයේ පෞද්ගලික තොරතුරු වෙනස් කිරීම 250.00
රියදුරු බලපත්‍රයේ උධෘතයක්(විස්තර සටහනක්) ලබා ගැනීම 500.00
පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයක් නව ක්‍රමයට පරිවර්ථනය කිරීම 1700.00
විදේශ රියදුරු බලපත්‍රයක් මත දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම (ශ්‍රී ලාංකිකයෙකු සඳහා) 2500.00
විදේශිය තානාපති සේවයේ නිලධාරියෙකු සඳහා 1700.00
විදේශි රියදුරු බලපත්‍රයක් මත දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම(විදේශිකයෙකු සඳහා) 10000.00
විදේශ රියදුරු බලපත්‍රයක් මත තාවකාලික දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම එක් මාසයක් සදහා (විදේශිකයෙකු සඳහා) 1000.00
විදේශිකයෙකු සඳහා නව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම 15000.00
එක් දින සේවාව සඳහා අමතර ගාස්තුව 500.00



© මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
අංක 341, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05
දුරකතන : 011-2694331/2694332/2694333 | ඊමේල් : info@motortraffic.gov.lk