Friday, February 17, 2012

"බෝධිධර්ම" Founder of Martial Art !

අපි හැමෝම දන්න කුංෆු වගේ මාශල් ආට්ස් බිහිකරන්න සහ එය බිහිවුණු චීනයේ ශැවොලින් පන්සලේ නිර්මාතෲ විදිහට සැළකෙන ඉන්දියාවේ උපත ලද "බෝධිධර්ම" නම් දමිල හාමුදුරුනමක් ගැනයි මේ ත්‍රෙඩ් එකේ විස්තර වෙන්නෙ

ඉන්දියාවේ මදුරාසියෙ ප්‍රාදේශීය බෞද්ධ රජකුගෙ 3 වෙනි පුතෙක් විදිහට බෝධිතර කුමාරයා උපත ලබන්නෙ. අවුරුදු 7 දී බුදුදහම ගැන පැහැදෙන බෝධිතර කුමාරයා "බෝධිධර්ම" විදිහට ප්‍රජ්නාතර කියන ගුරුවයෙක් යටතේ ඉගෙනුම ලබනවා.
ප්‍රජ්නාතර මේ බෝධිධර්ම ගැන පූර්වනිමිත්තක් දකින්නෙ මේ කාලයේ. ඒ තමයි බෝධිධර්ම ඉන්දියාවට වඩා ලොකු සේවයක් චීනෙදි කරන්න සමත් වෙනවා කියන එක. ඒක ප්‍රජ්නාතර ගේ අන්තිම කැමත්තද වෙනවා.

ඉතිං තමන්ගෙ ගුරුවරයාගෙ මරණින් පස්සෙ අන්තිම කැමැත්ත පරිදි බෝධිධර්ම අවුරුදු ගණනකට පස්සෙ නොයෙක් දුශ්කරතා මැද්දෙ චීනෙට ලඟා වෙනවා.

චීනේ ඒ කාලෙ තිබුනෙ ආමිසපූජාවට නැඹුරු උන බෞද්ධ සමාජයක්. මේ වගේ තත්වෙකදී බෝධිධර්ම ඉතා නිර්භය ප්‍රාශයක් කරනවා. ඒ තමයි බෞද්ධ පොත් පත් කියන්නෙ කියන්නෙ මෙවලම් ටිකක් විතරයි සම්මාබෝධිය ලබා ගන්න නම් තමන්ම මහන්සි වෙන්න ඕනෙ කියන එක
මේ ප්‍රකාශය නිසා සමාජෙන් කොන් වෙන උන්වහන්සේ අවුරුදු 9ක් ගුහාවක් තුල කිසිඳු කතාවකින් තොරව භාවනා කරන්න පෙලඹෙනවා

මෙම කාලෙදි උන්වහන්සේව බැහැදකින්න එන හාමුදුනමක් උන්වහන්සේ ගැන පැහැදිලා තමන්ගෙ පන්සලට රැගෙන යනවා. මෙහිදී තමා බෝධිධර්ම තමන්ගේ භාවනා ක්‍රම එහි වාසය කරන හාමුදුරුවන් හට උගන්වන්නෙ

නමුත් දවස පුරා කිසිඳූ ව්‍යායාමයකින් තොරව ධර්මය ප්‍රගුන කරන තරබාරු හාමුදුවරුන්ට එම භාවනා ක්‍රම ප්‍රගුන කරන්න අවශ්‍ය ශාරීරික සෞඛය තිබුනෙ නෑ. මෙහි ප්‍රතිපලයක් විදිහට තමයි,
තමන් රජ කුමාරයෙක් විදිහට ඉගෙනගත්ත සටන් ක්‍රම හා වෛද්‍ය දැනුම ඇසුරෙන් ව්‍යායාම ක්‍රමයක් ශවොලින් පන්සලේ හාමුදුරුවන්ට බෝධිධර්ම විසින් දායාද කරන්නෙ.

මෙම ව්‍යායාම වලින් ශරීරයේ රතු ඇටමිදුලු පිරිසිදු වීම ලේ ගමනාගමනය වැඩි දියුණූ වීම සහ ශරීරයේ ප්‍රතිචක්‍රීකරන පද්ධතිය ශක්තිමත් වීම සිදුවෙනවා.

අතිදක්ශ සටන්කරුවෙක්ට අමතරව බෝධිධර්ම
 භික්ශුව අග්‍ර ගනයේ වෛද්‍යවරයෙක්ද වෙනවා. වරක් චීනයේ පැතිර ගිය වසංගත රෝගයක් උන්වහන්සේ විසින් සාර්ථකව ප්‍රතිකාර කර මැඩපැවැත්තුවා කියලත් මූලාශ වලින් කියවෙනවා

ඉතිං පසුකාලීනව මාශල් ආර්ට්ස්- කුංෆු බිහිවෙන්න පදනම හැදුනෙ මෙන්න මේ ඉන්දියාවෙ උපත ලද දමිළ භික්ශුව විසින්

---------------------------------------------------------



අමතර කරුණු : අවුරුදු 150 කට වැඩි කාලයක් ආයු වැලඳූවයි කියන උන් වහන්සේ තම අන්තිම කාලයෙ යළි ඉන්දියාවට යන්න තීරණය කළා. මෙය දැනගත්තු , උන්වහන්සේ වැඩහිටපු ගමෙ ගම්වාසීන් ,බෝධිධර්ම ගෙ සිරුර භූමදානය කර තමන්ගෙ ගමට වෙන විපත්ති වලින් ආරක්ශා කිරීමෙ අරමුණින් උන් වහන්සේට වස යෙදූ ආහර ලබාදුන් බවත්. ආහාර වලට වස කවා ඇති බව දැන දැනත් ගම්වාසීන්ගෙ ඉල්ලීමට එකඟව අහාර වලඳා අපවත් වූ බවත් මුලාශ්‍ර වැඩි දුරටත් කියනවා  

---------------------------------------------------------